මත්ද්‍රව්‍ය සමඟ කටුනායක දී කොටුවූ යේ හිමිවරුන් පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙසත්, බුදු දහම සහ බෞද්ධ භික්‍ෂූන් කෙරෙහි යම් අපවාදයක් ඇතිවන ලෙස මෙය සංවිධාන පිරිසක් විසින් මෙහෙයවා ඇද්ද යන්න පිළිබඳව සොයා බලන ලෙස නායක හිමිවරුන්ගෙන් රජයට ලිපියක්………

තායිලන්තයේ සිට දිවයින්ට පැමිණි ගුවන් යානයක ගුවන් මගීන් ලෙස පැමිණි හිමිවරු විසි දෙකක් ින් රැගෙනෙන ලද ගුවන් මලු පරීක්ෂා කිරීමේදී සොයා ගන්නා ලද මත්ද්‍රව්‍ය කිලෝ එකසිය දහයක සිද්ධියට අදාළ භික්‍ෂූන් වහන්සේලා කිසියම් සංවිධානාත්මක සැලසුම් සහගත ිරිස් විසින් මෙහෙයවා ඇද්ද යන්න පිළිබඳව සහ බුදුදහම සහ මහා සංඝයා වහන්සේ කෙරෙහි යම් අප්‍රසාදයක් ගොඩනැගීමේ අරමුණින් සැලසුම් සහගතව සිදු කරන ලද්දක්ද යන්න පිළිබඳව සොයා බලා වැරදිකරුවන් එම පිරිස් කෙරෙහි ීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කරන ලෙස මහානායක හිමිවරු විසින් ලිපියක් මගින් රජයෙන් ඉල්ලා තිබේ.
ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් ැපවී සිටින මහා සංඝයා කෙරෙහි යම් අහිතක් සහ අකටයුත්තක් ඇතිවන ලෙස හැසිරෙන ඇතැම් භික්‍ෂූන් පිළිබඳව දැඩි තීන්දු තීරණ ගැනීම සඳහා විහාර දේවාලගම් පනතේ සංශෝධනය කිරීමට රජයේ අවධානය යොමු කරමින් එවැනි ිනය විරෝධී කටයුතු කරන භික්‍ෂූන්ට එරෙහිව ඔවුන් සසුනි නෙරපීම සඳහා මහානායක හිමිවරුන්ට බලය ලැබෙන පරිදි විහාර දේවානගම් පනත සහ ඊට අදාළ සංශෝධන නොපමාව ඉදිරිපත් කිරීමට රජයේ අවධානය යොමුවිය යුතු බව වැඩිදුරටත් එම ලිපිය මගින් මහනායක හිමිවරුන් දුර රජයෙන් ඉල්ලීමක් කර තිබේ.