සමාජ ආරක්ෂණ බද්ද හේතුවෙන් ආනයනික වාහන මිල ඉහළ යා හැකි බව සංගමය කියයි…

ආනයනික වාහන සදහා රජය අය කරනු ලබන සමාජ ආරක්ෂණ බද්ද හේතුවෙන් මෙරට වාහන මිල රුපියල් ලක්ෂ 3 කින් ඉහළ යා හැකි බව වාහන ආනයනික සංගමය පවසයි.

රටේ පවතින මුදල් වෙළෙඳ පල මිල උච්චාවචනයන් හේතුවෙන් ජනතාව අලුත් වාහන මිල දී ගැනීම ට දක්වන උනන්දුව පහළ යා හැකි බැවින් 3% සමාජ ආරක්ෂණ බද්ද ඉවත් කරන මෙන් එම සංගමය රජයෙන් ඉල්ලා සිටිනවා.