ඩොලර් මිලියන 2. 5 ගෙවීම සම්බන්ධයෙන් හැකර්වරු අතට පත්වීමේ සිද්ධිය සම්බන්ධව කරුණු විමසීමට මුදල් කාරක සභාවට මුදල් අමාත්‍යංශයේ ලේකම් කැඳවයි…..

ඩොලර් මිලියන 2. 5 ගෙවීම සම්බන්ධයෙන් හැකර්වරු අතට පත්වීමේ සිද්ධිය සම්බන්ධව කරුණු විමසීමට මුදල් කාරක සභාවට ,මුදල් අමාත්‍යංශයේ ලේකම් කැඳවයි.

පසුගිය සති කීපයේදී ආන්දෝලනාත්මක සිද්ධියක් බවට වාර්තා වී ඇති ලංකා රජය වෙනුවෙන් ුදල් අමාත්‍යාංශය විසින් ඔස්ට්‍රේලියානු රජයට ගෙවිය යුතු ඩොලර් මිලියන 2.5 ගෙවීමේදී ඇති වු අක්‍රමිකතාවයක් හේතුවෙන් එම මුදල හැකර් වරුන් විසින් සොරාගෙන ඇති බවට ධිය වාර්තා වීමෙන් පසුව ඒ පිළිබඳව මුදල් අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකාවේ මහා භාණ්ඩාගාරය විසින් සිදුකරන පරීක්ෂණවල ප්‍රතිඵල සහ එහි පූර්ණ තොරතුරු දැන ගැනීමේ අවශ්‍යතාවයෙන් මූල්‍ය පාලනය පිළිබඳ වගකීම් දරන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාව විසින් දල් අමාත්‍යංශයේ ‍ලේකම්, ආචාර්ය හර්ෂණ නානායකක්කාර මහතාට මුදල් කාරක සභාවට පැමිණ අදාළ තොරතුරු ලබාදෙන ලෙස කර තිබූ ඉල්ලීමට අනුව ඒ මහතා විසින් ඊයේ දිනයේ දී පාර්ලිමේන්තු මුදල් කාරක සභාවට පැමිණ ඉඩ අදාළ තොරතුරු ලබා දුන් බව මුදල් කොමිටියේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

අදාළ සාකච්ඡාව සඳහා මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු ම ගනුදෙනුව පිළිබඳව වගකීම් දරන සියලූ ජේෂ්ඨ නිලධාරීන් අවශ්‍ය තොරතුරු මුදල් කාරක සභාව වෙත ලබා දුන් අතර ඒ පිළිබඳ දීර්ඝ කරුණු පැහැදිලි කිරීමෙන් අනතුරුව තවදුරටත් අදාළ පර්යේෂණයන් පිළිබඳව සිදුවන ආකාරයන් සහ එම තොරතුරු පිළිබඳව මුදල් කාරක සභා වශයෙන් පාර්ලිමේන්තුවට වගකිය යුතු බැවින් අදාළ තොරතුරු පිළිබඳව විටින් විට විපරම් කර අදාළ තොරතුරු දැනගැනීමට මුදල් කාරක සභාව වශයෙන් කටයුතු කරන බව එහි සභාපති ආචාර්ය හර්ශ ද සිල්වා මහතා පැවසීය