ඉන්දියානු සමාගමක් මගින් ආනයනය කරන ලද එන්නත් සහිත ඖෂධය් සංකූලතා මතුවීම හේතුවෙන් මුළු රෝහල් පද්ධතියෙන්ම ඉවත් කිරීමට පියවර ගත් බව ඖෂධ අධිකාරිය පවසයි.
ඉන්දියානු ඖෂධ සමාගමක් වන පාස් මරුටිකල් සමාගම විසින් නිෂ්පාදනය කරන ලද මෙම ඖෂධය ලබාගත් රෝගීන් පිරිසකට සිදුවූ සංකූලතා හේතුවෙන් එම ඖෂධයන් පරික්ෂා කිරීමෙන් අනතුරුව රෝහල් පද්ධතියෙන් ඉවත් කිරීමට පියවර ගත් බව පවසන ඖෂධ නියාමන අධිකාරියෙක් එම ඖෂධ සම්බන්ධයෙන් තවදුරටත් රශානාගාර පර්යේෂණ සිදු කරන බවද අවධාරණය කරයි