අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳව රජයේ පුළුල් අවධානයක් යොමු කර ඇති අවධියක රටේ මේ වන විට ගුරුපුරප්පාඩු තිස් හයදහසකට ආසන්න ප්‍රමාණයක් පවතින බව අධ්‍යාපනා උසස් අධ්‍යාපන අමාත්‍ය සහ අග්‍රාමාත්‍යය හරිනි අමරසූරිය මෙනවියදා පාර්ලිමේන්තුවේදී පැවසුවාය. අධ්‍යාපන අමාත්‍යංශය විසින් හඳුනාගෙන ඇති ගුරු පුරප්පාඩු අතර පළාත් මට්ටමින් බස්හාිර පළාතේ 4318කන් ගුරුපුරප්පාඩු පවතින අතර දිවයිනේ සෙසු පළාත්වල ද තුන්දහසකට ආසන්න ප්‍රමාණයක් ගුරුවරුන්ගේ හිඟය පවතින බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. මෙම ගුරු පුරප්පාඩු අතර ජාතික පාසල්වල පමණක් ගුරුවරු 1500 පවතින බව පවසන අධ්‍යාපන අමාත්‍යංශය තුරු පළාත ගුරුවරු තුන්දහස් හත්සිය හැත්තෑ එකක පුරප්පාඩුවක්ද මධ්‍යම පළාතේ ගුරුවරුන් හයදාස් තුන්සිය දහඅටක පුරප්පාඩු ද නැගෙනහිර පළාතේ ගුරුවරු හයදාසක හිඟයක් ද සබරගමු වූ ඇතුළු පළාත්වල ගුරුවරු තුන්දහසකට ආසන්න ප්‍රමාණයක් පුරප්පාඩු පවතින බව වාර්තා වේ.