සුරතල් සතුන් අතහැර දැමීම නැවැත්වීමට සුනඛයින්ට මයික්‍රො චිප් බද්ධ කිරීම අනිවාර්ය කළ නගරයක්

ජලභීතිකා එන්නත නිරීක්ෂණය කිරීමට සහ උපත් පාලන ප්‍රතිකාර කිරීම සඳහා දකුණු ඉන්දියාවේ චෙන්නායි නගරයේ සිවිල් පාලන අධිකාරිය, අයාලේ යන සුනඛයින්ට මයික්‍රො චිප් බද්ධ කිරීම ආරම්භ කර තිබේ. බලධාරීන් පවසන්නේ, මිනිසුන් සිය නිවෙස්වල සිටින සුරතලයට ඇති කරන සුනඛයින් අතහැර දැමීම වැළැක්වීම සඳහා මාස කිහිපයක් තුළ මෙම පියවර එම සුරතල් සුනඛයින් සඳහා ද ක්‍රියාත්මක කරන බව ය. […]

වැලිකඩ පොලිස් භාරයේදී මිය ගිය නිමේෂ් සත්සරගේ මෘත ශරීරය යළි ගොඩ ගැනේ

වැලිකඩ පොලිසිය භාරයේ සිටියදී මරණයට පත්වූ පත්වූ බදුල්ල මීගහකිවුල පදිංචිව සිටි සත්සර නිමේෂ් නමැති 26 හැවිරිදි තරුණයාගේ ‍මෘත දේහය අධිකරණ නියෝගයකට අනුව බදුල්ල මහේස්ත්‍රාත් නුජිත් ද සිල්වා ඉදිරියේ අද (23) පෙරවරුවේ ගොඩ ගත්තේ ය. ත්‍රිපුද්ගල විශේෂඥ අධිකරණ වෛද්‍ය මණ්ඩලයක් විසින් මෙම අවස්ථාව අධීක්ෂණය කරනු ලැබීය. සිය නිවස ඉදිරිපිට මිහිදන් කර තිබියදී, ගොඩගත් දේහය පශ්චාත් මරණ […]

ඊළඟ පාප් වහන්සේ අප්‍රිකානු ජාතිකයෙක් ද?

ඊළඟ පාප් වහන්සේ කොහේ සිට පැමිණෙනු ඇත්දැයි පුරෝකථනය කිරීමට පාදක වන්නේ කතෝලික පල්ලියේ වර්ධනය පමණක් නම්, උන්වහන්සේ අප්‍රිකානු ජාතිකයෙකු වීමට ඉඩ තිබේ. ලොව වේගයෙන් ම වර්ධනය වන කතෝලික ජනගහනය සිටින්නේ අප්‍රිකාවේ ය. එය 2022 සහ 2023 වසර දෙකක කාලය තුළ 3.31%කින් වැඩි වී ඇත. වතිකානයේ නවතම සංඛ්‍යාලේඛනවලින් පෙනී යන්නේ, ලෝකයේ කතෝලිකයන්ගෙන් 20%ක් ජීවත් වූයේ එම මහාද්වීපයේ […]

ඔබේ සිරුරේ ජලය වැඩි ද? හෝ විජලනයෙන් පෙළෙනවා ද? හඳුනාගත හැකි ලක්ෂණ මෙන්න

ජීවිතයට ජලය අත්‍යවශ්‍ය වේ. බොහෝ ගෝලීය මාර්ගෝපදේශ මගින් කාන්තාවන් සඳහා දිනකට ජලය ලීටර් දෙකක් සහ පිරිමින් සඳහා දිනකට ජලය ලීටර් 2.5 ක් පමණ පානය කිරීමට නිර්දේශ කරයි. එහෙත්, විද්‍යාඥයින් පවසන්නේ අපගේ ජල අවශ්‍යතා සාධක කිහිපයක් මත රඳා පවතින බව ය. ප්‍රමාණවත් තරම් ජලය පානය නොකිරීම විජලනය වීමට හේතු විය හැකි නමුත් නියමිත ප්‍රමාණය ඉක්මවා පානය […]

සෙමින් ආහාර ගැනීම ඔබේ සෞඛ්‍යයට හිතකර ද?

රූපවාහිනිය නරඹන අතරතුර හෝ දුරකතනය භාවිත කරමින් ඒ වෙත අවධානය යොමු කර සිතීමකින් තොරව ආහාර ගැනීම පහසු නමුත් අධ්‍යයනවලින් පෙනී යන්නේ, සෙමින් සහ අවධානයන් යුතුව ආහාර ගැනීම සැබවින් ම උපකාරී විය හැකි බව ය. ආහාර දිරවීමේ සහ තෘප්තියේ සිට බර කළමනාකරණය සහ සමස්ත සෞඛ්‍යය දක්වා අප ආහාර ගන්නා වේගය අපගේ ජීවිතවලට බලපායි. ජීර්ණය “ආහාර හෙමින් […]

2028 ඔලිම්පික් උළෙලේ ක්‍රිකට් තරගාවලිය ගැන ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව තීරණයක් ගනී

2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ක්‍රිකට් ක්‍රීඩාව නැවත ඇතුළත් කිරීම, ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවය සඳහා ම කණ්ඩායම් හයක පන්දු වාර 20 තරගාවලියක් ලෙස පැවැත්වෙන බව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව නිවේදනය කර තිබේ. ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විසින් මෙම ඉසව්ව සඳහා ස්ත්‍රී පුරුෂ භාවය අනුව කාණ්ඩ දෙකක් යටතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 90 දෙනෙකුගේ කෝටා වෙන් කිරීමෙන් පසු සහභාගී වන […]

ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පාප් වහන්සේගේ දේහය සාන්ත පීතර බැසිලිකාවට

ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පාප් වහන්සේගේ දේහය වතිකානයේ උන්වහන්සේගේ නිවහනේ සිට සාන්ත පීතර බැසිලිකාව වෙත ගෙනවිත් තැන්පත් කර තිබේ. ඒ අනුව, උන්වහන්සේගේ දේහය සෙනසුරාදා (අප්‍රේල් 26) පැවැත්වෙන අවමංගල්‍යය පූජෝත්සවය තෙක් මහජන ගෞරවය සඳහා එහි තැන්පත් කර තැබෙනු ඇත. යාච්ඤා මෙහෙයක් පැවැත්වීමෙන් අනතුරුව ස්වර්ගස්ථ වූ පාප් වහන්සේට අවසන් ගෞරව දැක්වීම සඳහා මහජනතාවට අවස්ථාව ලබා දීමට නියමිතය. අවමංගල්‍ය පෙරහැර […]

කොළඹ නගරයේ රථ වාහන වැරදි සොයන CCTV කැමරා සවි කර ඇති ස්ථාන මොනවා ද?

තම පෞද්ගලික කාර්යක් සඳහා යතුරු පැදියෙන් කොළඹට ගොස් නැවත තම නිවසට පැමිණි පුද්ගලයකුට ඉන් දින කිහිපයකට පසුව රථ වාහන වරදක් සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට හක්මන පොලිසියට පැමිණෙන ලෙස දන්වමින් ලැබී ඇති ලේඛණයක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් තිබේ. එම ලේඛණයේ අදාළ තැනැත්තා පොලිසිය හමුවට කැඳවීමට හේතු වූ වරද, වරද සිදුකළ දිනය සහ වේලාව මෙන්ම යතුරු […]