රම්බොඩ ප්‍රදේශයේ ආපදාවට ලක් වූ 24 දෙනෙකු ඉන්දිය ගුවන් හමුදාව විසින් මුදවා ගණිති

පවතින ආපදාකාරී තත්ත්වය යටතේ රම්බඩ ප්‍රදේශයේ ජල අපදාවට ලක් වූ විසි හතර දෙනකු ඉන්දියන් ගුවන් හමුදා හෙලිකොප්ටර යානකින් මුදවාගෙන කොළඹට ගෙන එනු ලැබූ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මෙසේ මුදවා ගත් පිරිස අතර ජර්මනිය ඉන්දියාව දකුණු අප්‍රිකාව එක්සත් රාජධානිය , වැනි රටවල්වල සංචාරකයන්ද සිටී බව පවසන විදේශ කටයුතු අමාත්‍යංශය ඔවුන්ගේ සුව දුක් බැලීම සඳහා විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ඇතුළු කණ්ඩායමක් මැදිහත්ව කටයුතු කරන බවද අවධාරණය කරයි.