දිවයිනේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය යටතේ මේ වන විට මධ්‍ය කඳුකරය, කැලණි ගංගා මිටියාවත් ආශ්‍රිතව හා දිවයිනේ සෙසු ප්‍රදේශවල ජනතාව ලක්‍ෂ හතකට ආසන්න සංඛ්‍යාවක් එම ආපදා තත්ත්වයට මුහුණ දී ඇති අතර එම ජනතාවට සහන සැලසීම සඳහා ප්‍රධාන මාධ්‍ය ආයතන ඇතුළු සහන සේවා කණ්ඩායම් රැසක් ක්‍රියාත්මක කර ඇති බව රජය පවසයි.
විශේෂයෙන් ත්‍රිවිධ හමුදා සහ පොලිසීය, දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මෙන්ම ස්වේචස් සහන කණ්ඩායම් වල සහයෝගය මත ජනතාවට සහන සැනසීමේ කටයුතු අඛණ්ඩව සිදුකෙරෙන අතර මේ වන විට විශාල ආධාර ප්‍රමාණයක් එම ජනතාව වෙත ලබා දී ඇති අතර ආගමික සිද්ධස්ථානය ඇතුළු ස්විචා කණ්ඩායම් විසින් පිසූ සහ වියළි ආහාර එම ජනතාවට ලබාදීමට යුහුසුළුව කටයුතු කරමින් සිටි යි.