ද්විත්තුවා සුළි කුණාටු තත්ත්වය දිවයිනෙන් බැහැර යන ලකුණු පහළ වී ඇතත් දිවයිනට ඇදහෙන වර්ෂාපතනයේ මිලිමීටර සියයට වඩා අඩුවීමක් දක්නට නොලැබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු පවසයි.
මෙම අයහපත් කාලගුණික තත්ත්වය යටතේ මධ්‍ය කඳුකරේ සහ දිවයිනේ සෙසු ප්‍රදේශවලට ඇද හැලෙන වර්ෂාව හේතුකොටගෙන එහි පහළ නිම්නවල ජීවත්වන ජනතාවගේ නිවෙස් වලට ලපෑමක් විය හැකි බැවින් පහත් බිම් ප්‍රදේශවල ජීවත් වන ජනතාව රජය ලබාදෙන උපදෙස්සා නියෝග අනුව එවන් අවධානය කාරී තත්ත්වයක් ඇතිවී ඇත්නම් ආරක්ෂිතකාරී ස්ථානවලට යන ලෙස රජය තවදුරටත් මහජනතාවගෙන් ඉල්ලා සිටි.