පවතින අධික වර්ෂාව හමුවේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාග කාලසටහනේ සිදුවන වෙනස්කම් හා ගනු ලබන ඉදිරි ක්ෂණික ක්‍රියාමාර්ග පිළිබඳ වෙනුවෙන් නොවැම්බර් 27 අධ්‍යාපන අමාත්‍යංශයේදී පැවති විශේෂ සාකච්ඡාවේදී..

මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට අපහසුතාවකින් තොරව විභාගයට පෙනී සිටීමට අවස්ථාව සැලසිය යුතුයි. ඒ සඳහා පළාත් සහ කලාප මට්ටමින් අධ්‍යාපන බලධාරීන් සම්බන්ධ කරගනිමින් නිරන්තර අධීක්ෂණයෙන් සිටිය යුතුයි ඒවගේම සෑම අවස්ථාවක ම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ගුවන් හමුදාව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඇතුළු සහාය ගත හැකි සියලු ආයතන සම්බන්ධ කරගන්න. විභාගය අවසන් කළ සිසුන්ගේ පිළිතුරු පත්‍ර ඉතා ආරක්ෂිතව ඇති අතර මේ වන විටත් ඒවායේ ඇගයීම් කටයුතු ආරම්භ කර තිබෙනවා. කිසිදු ආකාරයකින් අනියත බියක් ඇති කර ගත යුතු නැහැ. එසේම නොවැම්බර් 27, 28, සහ 29 යන දින තුනෙහි පැවැත්වීමට නියමිතව තිබූ විෂයන් පවත්වන දින පිළිබඳ ඉදිරියේ දී දැනුම් දෙනු ලබන අතර යහපත් කාලගුණයක් පැවතුණහොත් සඳුදා (දෙසැම්බර් 01) පෙර කාලසටහනට අනුවම විභාගය පැවැත් වීමට නියමිතයි.

විභාග දෙපාර්තමේන්තුවේ ආයතනික විභාග ශාඛාවෙන් නොවැම්බර් 29 වැනි දිනට පැවැත්වීමට නියමිතව තිබූ රෙජිස්ටාර් ජනරාල් සේවයේ I පන්තියේ III ශ්‍රේණියට අයත් සීමිත විෂය ධාරාව යටතේ බඳවා ගැනීමේ තරග විභාගය -2025 සහ නොවැම්බර් මස 30 වැනි දින අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ තාක්ෂණික නොවන කාණ්ඩයේ III ශ්‍රේණියේ ක්‍රීඩා පුහුණු කරන නිලධාරීන් ගේ පළමු කාර්යක්ෂමතා කඩඉම් විභාගය අයහපත් කාලගුණය හමුවේ කල් දැමෙනවා”

පවතින අධික වර්ෂාව හමුවේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාග කාලසටහනේ සිදුවන වෙනස්කම් හා ගනු ලබන ඉදිරි ක්ෂණික ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීම වෙනුවෙන් නොවැම්බර් 27 අධ්‍යාපන අමාත්‍යංශයේදී පැවති විශේෂ සාකච්ඡාවේදී..