දිවයිනට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් මෙවර අපොස උසස් පෙළ විභාගෙට පෙනී සිටින දරුවන්ට ඇතිවී තිබෙන අපහසුතා අධ්‍යාපන කාර්යාල හරහා විභාග දෙපාර්තමේන්තුව දැනුවත් කරන්න ඉල්ලයි.

දිවයිනට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් මෙවර අපොස උසස් පෙළ විභාගෙට පෙනී සිටින දරුවන්ට ඇතිවී තිබෙන අපහසුතා ොට්ඨාස අධ්‍යාපන කාර්යාල හරහා විභාග දෙපාර්තමේන්තුව දැනුවත් කරන්න ඉල්ලයි.

දිවයිනේ ොහෝ ප්‍රදේශවලට ඇද හැලෙන ධාරානිපාතික වර්ෂා හේතුවෙන් මෙවර අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ට ඇතිවී තිබෙන අපහසුතා හේතුකොට ගෙන භාග මධ්‍යස්ථාන කරා යෑමට ප්‍රවාහන පහසුකම් හා වෙනත් පහසුකම් ලබාගැනීමට පවතින දුෂ්කරතා ඇත්නම් කොට්ඨාස අධ්‍යාපනය අධ්‍යක්ෂකාර්යාල මගින් විභාග දෙපාර්තමේන්තුව දැනුවත් කරන ලෙස විභාග කොමසාරිස් ජෙනරාල් ඉන්දිකා කුමාරී ලියනගේ මහත්මිය පවසයි.
මෙවැනි ජල ගැනීම හා අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුකොට ගෙන නියමිත විභාග මධ්‍යස්ථානවල විභාගෙට පෙනී සිටීම වෙනුවට විකල්ප විභාග මධ්‍යස්ථාන එවැනි සිසුන් සඳහා වෙන්කර දීමට විභාග දෙපාර්තමේන්තුව දැනටමත් කොට්ඨාස හා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් හරහා අදාළ අංශ මේ වන විටත් දැනුවත් කර ඇති බව විභාග කොමසාරිස් ජෙනරාල් පවසයි