කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් සංචාරක සහයෝගීතාව ශක්තිමත් කිරීම සහ අප රටවල් අතර නව ආයෝජන අවස්ථා පෝෂණය කිරීම අරමුණු කරමින්, සංවිධානය කරන ලද ඉන්දියා – ශ්‍රී ලංකා සංචාරක සම්බන්ධතාව පිළිබඳ වැඩසටහනට මා සහභාගී වූයෙමි.
එහි දී, ශ්‍රී ලංකා රජය සංචාරක ක්ෂේත්‍රය කෙරෙහි දක්වන වැදගත්කම අවධාරණය කළ අතර, සංචාරක ක්ෂේත්‍රය තුළ තිරසාරභාවය, විවිධාංගීකරණය, ශක්තිමත් ගුවන් සම්බන්ධතාවය සහ ඩිජිටල් පරිවර්තනය යන අපගේ ප්‍රමුඛතා ඉස්මතු කළෙමි.
ඉන්දියානු සංචාරක පැමිණීම් තවදුරටත් පුළුල් කිරීම සඳහා, ශ්‍රී ලංකාව නගර, වෙරළ තීරයන්, උරුමයන්, MICE සංචාරක ව්‍යාපාරය, ගමනාන්ත මංගල උත්සව, චිත්‍රපට සංචාරක ව්‍යාපාරය සහ ක්‍රිකට් සංචාරක ව්‍යාපාරය කෙරෙහි අවධානය යොමු කර ඇත්තෙමු.
චිත්‍රපට නිෂ්පාදනය, විවිධ අවස්ථා (Events) සහ ආගන්තුක සත්කාර ව්‍යාපාර සඳහා ශ්‍රී ලංකාව ප්‍රමුඛ ගමනාන්තයක් ලෙස දියුණු වී ඇති බව මම ඉන්දියානු චිත්‍රපට නිෂ්පාදකයින්ට සහ ආයෝජකයින්ටත් ආරාධනා කළෙමි.