හම්බන්තොට වන අලි කළමනාකරණය වැඩසටහන හයවන දිනටත් ක්‍රියාත්මකයි.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ වන අලි කළමනාකරණ වැඩසටහන යටතේ වනරක්ෂිතයන් වෙත අලින් පලවා හැරීමේ මෙහෙයුම් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ ආරක්ෂක අංශ විසින් අඛණ්ඩව හයවන දිනටත් එම දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කළ බව වනජීවී සම්පත් දෙපාර්තමේන්තුව පවසයි.
දීර්ඝ කාලෙක සිටියේ දිවයිනේ බොහෝ අලි සංගණනය බහුල දිස්ත්‍රික්කවල වන අලි ගම්වැදීම හේතුවෙන් මිනිස් ජීවිත සහ දේපල වලට හා වගාවන් වලට වන හානිය පිළිබඳව මහජනතාව වෙතින් දිගින් දිගටම පැවැති විරෝධය සැලකිල්ලට ගෙන වන අලි කළමනාකරන වැඩසටහනකට රජය මැදිහත්වීමෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තු සහ ආරක්ෂක අංශවල සහාය මත හම්බන්තොට දිස්ත්‍රික්කයේ වන අලි සංරක්ෂිත වනාන්තර වෙත පලවා හැරීමේ මෙහෙයුම් සාර්ථකව දියත් කළ බව රජය අවධාරණය කරයි.