ආබාධිත පුද්ගලයන් සඳහා සහායක උපකරණ දේශීව නිෂ්පාදනය කිරීම සඳහා රජයේ නව වැඩපිළිවෙළක් අරබයි..
2025 වසරේ අයවැය යෝජනා යටතේ සමාජ ආරක්ෂක සහ ආබාධිත පුද්ගලයන් සඳහා සහාය උපකරණ දේශී ව නිෂ්පාදනය කිරීමේ පහසුකම් පුළුල් කිරීමට රජය පියවර ගෙන ඇත. මේ යටතේ්තවේද පුනරුත්ථාපන රෝහල සහ ශ්‍රී ලංකා ජාතික රෝහල් ආශ්රිත ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට රුපියල් මිලියන පන්සියයක් වෙන්කර ඇතැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
මෙම ව්‍යාපෘතිය යටතේ ී ලංකා ජාතික රෝහල ආශ්‍රිතව ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සිදුකෙරෙන අතර ජාතික රෝහලේ හදිසි අනතුරු හා විකලාංග සේවාව යටතේ ආබාධිත පුද්ගලයන් සඳහා සහායක උපකරණ දේශීයව නිපදවීමේ පහසුකම් වැඩිදියුණු කිරීමට මෙම ව්‍යාපෘතිය මගින් බලාපොරොත්තුවේ.