ඉන්දීය රජය සමඟ එකතු වී අධ්‍යාපන පරිපාලන නිලධාරීන් පුහුණු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා…..

“ඉන්දීය රජය සමඟ එකතු වී අධ්‍යාපන පරිපාලන නිලධාරීන් පුහුණු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා. එමගින් අධ්‍යාපන පද්ධතිය තුළට හා රට තුළට නව තාක්ෂණික දැනුම හා අදහස් ගෙන එනවා.සියලු දරුවන්ට ආරක්ෂිත හා ගුණාත්මක අධ්‍යාපන පරිසරයක් ලබා දී අනාගත වැඩ ලෝකයට සුදුසු, පුරවැසියෙකු බිහි කිරීමයි රජයේ බලාපොරොත්තුව. එමගින් ශිෂ්ටාචාරමය වගකීම, සමාජීය වගකීම, හා අනාගත නායකත්වය ඇති පරපුරක් බිහි කිරීම සඳහා පාසල්වල යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම, ගුරු හිඟය නැති කිරීම, හා ගුණාත්මක ඉගෙනීමක් ලබාදීමට රජය නිරන්තර උත්සාහයක යෙදෙනවා”

ඔක්තෝබර් 31 වැනිදා පැවති, ඉන්දියානු රජයේ සහය ඇතිව පොළොන්නරුව ප්‍රදේශයේ ඉදිකළ බහුවාර්ගික ත්‍රෛභාෂා පාසල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්..