“දූෂණයට එරෙහිව සටන් කිරීම සහ සුපිළිපන්නභාවය සහ සදාචාරාත්මක හැසිරීම් වල අදාළත්වය” යන මැයෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක්

“දූෂණයට එරෙහිව සටන් කිරීම සහ සුපිළිපන්නභාවය සහ සදාචාරාත්මක හැසිරීම් වල අදාළත්වය” යන මැයෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් රංග දිසනායක මහතා විසින් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශ පරිශ්‍රයේදී පසුගියදා(23) සිදුකෙරුණි.

විදේශ කටයුතු,විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ උපදෙස් මත මෙම වැඩසටහන අමාත්‍යාංශයේ අභ්‍යන්තර කටයුතු ඒකකය සහ ශ්‍රී ලංකා විදේශ සේවා සංගමය විසින් සංවිධාන කර තිබුණි.