දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය ලබන සඳුදා තෙක් වර්ධනය වන ලකුණු…

බෙංගාල බොක්කේ අඩුපීඩන තත්ත්වයන් තවදුරටත් වර්ධන වීම හේතුවෙන් ලබන සඳුදා දක්වා දිවයිනට අධික වැසි බලාපොරොත්තුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. පසුගිය දිනවලන් ඇදහැලුණු අධික වර්ෂාපතනයේ නිසා මේ වන විට දිස්ත්‍රික්ක දහ අටකට වැසි අවදානම තදින් බලපෑම හේතුකොට ගෙන ආපදාකාරී තත්ත්වයක් වර්ධනය වී ඇති බව පවසන ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය තැම් දිස්ත්‍රික්කවල නාය යෑමේ අවධානමක් ද පවතින බව පවසයි.හදිසියේ ආපදා තත්ත්වය යටතේ ජනතාවට සහන ලබාදීම සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ ආපදා කළමනාකරණශ විසින් මේ වනවිට විශේෂ වැඩ සටහනක් ක්‍රියාත්මක කර ඇති අතර වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් දිවයිනේ ජලාශවල ජල මට්ටම ඉහළ යෑම පිළිබඳව දැඩි අවධානයෙන් පසුවනවා.