
2025 අංක පහ දරන නීති විරෝධී වත්කම් වලින් උපයා ගත් මුදල් පිළිබඳ විමර්ශනය කිරීමේ පනත් කෙටුම්පත පසුගියදා පාර්ලිමේන්තුවෙන් සම්මත වූ පසු ඒ පිළිබඳව විමර්ශන කටයුතු සිදු කිරීම සඳහා ්‍රී ලංකා පොලිසිය යටතේ නීති විරෝධී වත්කම් විමර්ශන පොලිස් කොට්ඨාසය නීතිය හා මහජන සාමය පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන් සහ පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පොලිස් මූලස්ථානයේදී විවෘත විය.
නව රජයේ දූෂණ විරෝධී වැඩපිළිවෙළ වඩාත් ශක්තිමත් කිරීම සඳහා හඳුන්වා දුන් නීති විරෝධී වත්කම් විමර්ශන පනත යටතේ පිහිටුවන ලද මෙම පොලිස් විශේෂය කොට්ඨාශය තුළින් දිවයිනේ විවිධ තරාතිරම්වල පුද්ගලයන් විසින් නීති විරෝධීව රැස් කරන ලද වත්කම් පිළිබඳව සොයා බැලීම සිදුකරන අතර අදාළ පුද්ගලයන්ට එරෙහිව නීති මගින් පියවර ගැනීම සඳහා නව පනතේ නෛතික විධිවිධාන සලසා තිබේ.
නීති විරෝධී ආකාරයෙන් රැස් කරගත්තේ අයතා දේපොළ සහ වත්කම් පිළිබඳව ොයා බැලීම සහ එවැනි පුද්ගලයන්ට එරෙහිව නීතිමය ප්‍රතිපාදන යටතේ අධිකරණ පියවර ගැනීම,දූෂණයට එරෙහිව සෑම පියවරක්ම ගැනීම සහ එවැනි පුද්ගලයන් පිළිබඳව විමර්ශන ආරම්භ කිරීම මෙම නව ඒකකය යටතේ සිදුකරන බව පොලිස් මූලස්ථානය පවසයි. මෙම අවස්ථාවට ිස්පති ප්‍රියන්ත වීරසූරිය ඇතුළු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතින්ම රංජිත් කරවිට ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් සහභාගිවු වුහ.