බෙලාරුස් අධ්‍යාපන අමාත්‍ය A.I. Ivanets මහතා සමඟ දීර්ඝ සාකච්ඡාවකට එක් වුණා. එතුමා සමඟ ප්‍රවාහන හා සන්නිවේදන අමාත්‍ය Alexei Lyakhnivich මහතා, කෘෂිකර්ම හා ආහාර නියෝජ්‍ය අමාත්‍ය Aleksandr Yakovchits සහ කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය Leonid Ryzhkovsky යන අය ද සාකච්ඡාවට එක්ව සිටියා. මෙහි දී උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමකට බෙලරුසය වෙනුවෙන් A.I. Ivanets මහතා සහ ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් මා අත්සන් කරනු ලැබී ය.