අසත්‍යය තොරතුරු සමාජ මාධ්‍ය මගින් හෝ නව මාධ්‍යයන් වෙතින් නිකුත් කරන පුද්ගලයන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගැනීමට රජය අවධානය..
පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ ජනතාවට අපහසුවකින් තොරව ඉන්ධන බෙදා හැරීම සඳහා රජය ේ සහ විදුලි බල හා බලශක්තිය අමාත්‍යාංශය විසින් කණි තෙල් බෙදා හැරීම පිළිබඳව ලබාදී ඇති උපදෙස් වලට පරිබාහිරව් අනීතිකව කටයුතු කරන පිරවුම්හල් වලට සහ ඊට අනුබල දෙන පුද්ගලයන් පිළිබඳව රජය දැඩි විමසිලිමත් වන බව අවධාරණය කරයි.
වාහන හිමියන්ට විට අපහසුතාවකින් තොරව ඉන්දනය ලබා ගැනීම සඳහා මේ වනවට ලබා දී ඇති කිව්වාර් කේතකම යටතේ ඉන්ධන කෝටාවට අමතරව වෙනත් නීති විරෝධී ලෙස ඉන්ධන ලබා ගැනීම සහ රැස්කිරීමේ ක්‍රියාවලියක් නිරත වන පුද්ගලයන් පිළිබඳව පැමිණිලි ඇතොත් ඒ පිළිබඳව ළඟමැති පොලිසිය හෝ කණිතෙල් නීතිගත සංස්ථාව දැනුවත් කරන ලෙස රජය වගකීතු අංශවලට දැනුම් දී ඇත