ඇමරිකා එක්සත් ජනපදයේ ගුවන් යානා දෙකක් පසුගියදා ගංවතුරෙන් විපතට පත් ජනතාවට ආපදා සහන සැලසීම සඳහා මෙම ගුවන්යානා දෙක පැමිණ ඇති බව රජය පවසයි. මෙම ගුවන් යානා දෙක කටුනායක ගුවන් තොටුපළ වෙත ළඟාවීමේදී එම සහන කටයුතු නිලධාරීන් හා එම භාණ්ඩ තොගය පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් විදෙස කටයුතු අමාත්‍යාංශය සහ ඇමරිකානු තානාපතිනිය ගුවන්තොටුපළ වෙත ගොස් තිබේ.
මෙහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ ඇමරිකානු තානාපතිය. ශ්‍රී ලංකාවේ පවතින ආපදා තත්ත්වය සහ ගංවතුර පාලනය කර ගැනීමට අවශ්‍ය ආපදා සහන සේවා ඇමරිකානු රජයේ දිගින් දිගටම ශ්‍රී ලංකාව ලබාදීමට කටයුතු කරන බවත් විපතට පත් ජනතාවට ආධාර ලබා දීම සඳහා ඇමෙරිකානු රජය ඉදිරිපත් වන බවද පැවසුවාය.