ආපදාවෙන් බිඳ වැටුණු උඩරට දුම්රිය මාර්ග ය යළි සකස් කිරීමට මාස දෙකකට අධික කාලයක්…

පසුගිය දිනවල දිවයින්ට ඇදහැලුණු ධාරානිපාතික වර්ෂාව සහ අධික සුළං තත්ත්වය හේතුවෙන් උඩරට ප්‍රදේශයේ දුම්රිය මාර්ගවලට එල්ල වුණ බාධා සහ පස්සෙඩි කඩාවැටීම් හේතුවෙන් බිඳවැටුණු උඩරට දුම්රිය මාර්ග පද්ධතිය යළි සකස් කිරීම සඳහා මාස දෙකකට අධික කාලයක් ගතවිය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.