කැලණි ගඟ පිටාර ගැලීමෙන් වැල්ලම්පිටිය ප්‍රදේශයේ ජලයෙන් යටවෙයි … නිවාස සහ දේපළ රැසකට හානි….

කැලණි ගඟ පිටාර ගැලීමෙන් වැල්ලම්පිටිය ප්‍රදේශයෙන් නිවාස සහ දේපොළ රැසකට හානි වී සිදුවී ඇති බව අපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

පවතින අවදානම්කාරී තත්ත්වය යටතේ ජනතාව මුදාගැනීම සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ජනතාවට ලබාදීම සඳහා සහන සේවා ක්‍රියාත්මක කර ඇති අතර ගුවනින් ජනතාව මුදා ගැනීමේ මෙහෙයුම් කටයුතු ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඉන්දීය ගුවන් හමුදාව සහ පාකිස්ථානෝ ගුවන් හමුදාව ඒකාබද්ධව සිදු කරන බවද පදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මේ වන විටත් අධික ජල ගැල්ම හේතුවෙන් නිමාසල වහලය මත සිටි පිරිස් ුවන් හමුදා සහාය ඇතුව මුදාගෙන ඔවුන් ගෝනින් ආරක්ෂිත ස්ථාන කරා රැගෙන ගොස් ඇති බවද පවසන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තවදුරටත් ජලය බැස යෑමේ දී අවදානමක් පවතින බැවින් ජනතාවට ආරක්ෂාකාරී වන ලෙස දැනුම් දේ!