78 වන ජාතික නිදහස් දින සැමරුමට සියල්ල සූදානම්….
ශ්‍රී ලංකාවේ හැත්තෑ අටවන ජාතික නිදහස් දින සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්ම පෙබරවාරි හතරවැනි දිනයේ නිදහස් චතුරස්‍රයේදී අභිමානවත් ලෙස සැමරීමට සියලු කටයුතු සූදානම් බව රාජ්‍ය පරිපාලන පනස් සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
මෙවර ජාතික නිදහස් දින සැමරුවට විවිධ හමුදාව පොලිසිය සහ සිවිල් ආරක්ෂක බලකායේ සහභාගී වන අතරින් ඊට සමගාමීව සංස්කෘතික සංරක්ෂණයක් ද පැවැත්වෙන බව ජාතික නිදහස් දින උළෙල උත්සව සම්බන්ධීකරණ කමිටුව පවසයි.
මෙවර ජාතික නිදහස් දින සැමරීම හේතුකොට ගෙන පෙබරවාරි හතරවෙනි දින පෙරවරුවේ නිදහස් චතුරස්‍රය හා කොළඹ නගර සීමාවේ මාර්ග වසා තබමින් පිළිබඳව ශ්‍රී ලංකා පොලිසියේ රථවාහන පොලිස් කොට්ඨාසය මගින් ජනතාව දැනුවත් කර ඇති බව ශ්‍රී ලංකා පොලිසිය පවසයි