– ජනපති පක්ෂ, විපක්ෂ මහජන නියෝජිතයෝ හමුවේ පවසයි
මෙම අසීරු අවස්ථාවේ සියලුදෙනා එක්ව ජනතාව වෙනුවෙන් කැප වෙමු
– ජනපති පක්ෂ, විපක්ෂ මහජන නියෝජිතයෝ හමුවේ පවසයි
අවශ්‍ය නම් හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමට පූර්ණ සහාය ලබා දෙනවා
විපක්ෂයෙන් ප්‍රකාශයක්
මෙම අසීරු අවස්ථාවේ විපතට පත් ජනතාවගේ ජීවිත ආරක්ෂා කර ගැනීම සහ ඔවුන්ට අවශ්‍ය සහන සැලසීම වෙනුවෙන් සියලුදෙනා එක්ව කාර්යක්ෂම කටයුතු කරමු’යි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පක්ෂ විපක්ෂ මහජන නියෝජිතයන්ට පැවසීය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අයහපත් කාලගුණය හේතුවෙන් රට තුළ උද්ගතව ඇති හදිසි ආපදා තත්ත්වය හමුවේ ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සොයා බැලීමට පක්ෂ විපක්ෂ මහජන නියෝජිතයන් සමඟ අද (28) පෙරවරුවේ ත්‍රිවිධ හමුදා ආරක්ෂක මුලස්ථානයේ පැවති සාකච්ඡාවට එක් වෙමිනි.
රට තුළ මතුව ඇති අවදානම් තත්ත්වය සහ මුදා ගැනීමේ සහ සහන සේවා කටයුතු කාර්යක්ෂම කිරීම වෙනුවෙන් අවශ්‍ය නම් හදිසි නීතිය ක්‍රියාත්මක කරන ලෙසද මෙහිදී විපක්ෂයේ මන්ත්‍රීවරු යෝජනා කළ අතර ඒ සඳහා පූර්ණ සහාය ලබා දෙන බව ඔවුහු ප්‍රකාශ කළහ.
විපතට පත් ජනතාවට සහන සැලසීමේදී මුදල් කිසිදු බාධාවක් නොවන බව මෙහිදී සඳහන් කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආපදා කළමනාකරණ දිස්ත්‍රික් කමිටු මේ වන විට කැඳවා තිබෙන අතර, දැනටමත් දිස්ත්‍රික් ලේකම්වරුන්ට අවශතාව පරිදි වැය කිරීමට මුදල් ප්‍රමාණයක් නිදහස් කර තිබෙන බවත්, කිසිදු චක්‍රලේඛයක් එම මුදල් වැය කිරීමට බාධාවක් ඇති නොකරන බවත්, එසේ බාධාවක් වන අවස්ථාවන් තිබේ නම් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ එකඟතාව ඇතිව එම මුදල් වැය කිරීමට දැනුම් දී තිබෙන බවත් පැවසී