ශ්‍රී ලංකාවේ ඉන්දීය සම්භවය සහිත ජනතාවගේ සංවිධානය වන GOPIO Sri Lanka හි 25 වන සංවත්සරය…

ශ්‍රී ලංකාවේ ඉන්දීය සම්භවය සහිත ජනතාවගේ සංවිධානය වන GOPIO Sri Lanka හි 25 වන සංවත්සරයට සහභාගිවීමේ අවස්ථාව උදාවිය. වසර 25ක් පුරා එම සංවිධානය අධ්‍යාපනය, නායකත්වය, නව නිපැයුම්, ව්‍යවසායකත්වය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ කරනු ලබන ඉමහත් කාර්යන් අගය කළෙමි. මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ වෙසෙන ඉන්දීය සම්භවය සහිත විද්වතුන්, ව්‍යාපාරිකයන්, දේශපාලන නායකයන් ඇතුළු විවිධ රටවල් නියෝජනය කරමින් GOPIO සංවිධාන සාමාජිකයන් ද සහභාගී වී සිටියහ.