– ශ්‍රී ලංකා රේගු අධ්යක්ෂ ජනරාල්
රටට අවශ්‍ය රුපියල් ප්‍රමාණය උපයා දෙමින් ආර්ථික සහ සමාජ ස්ථාවරත්වය නිර්මාණය කිරීමට රේගුව ලබා දුන් දායකත්වයට ස්තූතියි
නව වසරේ, නව සැලසුම් සමඟ රට ආර්ථික ජයග්‍රහණය කරා ගෙන යමු
– ජනපති
ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව මෙරට රේගු ඉතිහාසයේ ඉහළම ආදායමක් වාර්තා කළ වසර බවට 2025 වසර පත්ව තිබෙන බවත්, ඒ අනුව, අපේක්ෂිත ආදායම වූ රුපියල් බිලියන 2115ක ඉලක්කය අභිබවා ගොස් තවත් රුපියල් බිලියන 300ක පමණ අතිරික්ත ආදායමක් සමඟ 2026 වසර ආරම්භ කිරීමට හැකියාව ලැබී තිබෙන බවත් රේගු අධ්යක්ෂ ජනරාල් එස්.පී. අරුක්ගොඩ මහතා සඳහන් කළේය.
රේගු අධ්යක්ෂ ජනරාල්වරයා මේ බව පෙන්වා දුන්නේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (30) පෙරවරුවේ එම ශ්‍රවණාගාරයේ පැවති සාකච්ඡාවේදීය.
ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව 2025 වසරේදී ළඟා කරගත් ප්‍රගතිය සහ 2026 වසරේ නව සැලසුම් පිළිබඳ සොයා බැලීමට අද පෙරවරුවේ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව වෙත ගිය ජනාධිපතිවරයා එහි අධ්යක්ෂවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීහූ සමග සාකච්ඡාවක නිරත විය.
රටට අවශ්‍ය රුපියල් ප්‍රමාණය උපයා දෙමින් රටේ ආර්ථික සහ සමාජ ස්ථාවරත්වය නිර්මාණය කිරීමට ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව ඉටු කළ කාර්යභාරය මෙහිදී අගය කළ ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් සමස්ත කාර්ය මණ්ඩලයට ස්තූතිය පළ කර සිටියේය.
එමෙන්ම රටට ආදායම් උපයා දෙන ප්‍රධාන ආයතනයක් වන ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ කටයුතු කාර්යක්ෂමව සහ විනිවිදභාවයෙන් යුතුව ඉදිරියට පවත්වාගෙන යාමේ අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපතිවරයා නව සැලසුම් ඔස්සේ එක්ව කටයුතු කරමින් 2026 වසරේදී රට ආර්ථික වශයෙන් ජයග්‍රහණය කරවීමට කැපවෙමු’යි සියලුදෙනාට ආරාධනා කළේය.
2022 වසරේදී සිදු වූ ආර්ථිකමය බිඳ වැටීමට ආණ්ඩුවට අවශ්‍ය රුපියල් ප්‍රමාණය නොලැබී යාම සහ රටට අවශ්‍ය ඩොලර් ප්‍රමාණය නොමැති වීම හේතු වූ බව මෙහිදී පැවසූ ජනාධිපතිවරයා, අපේක්ෂිත ආදායම් ඉලක්ක සපුරා ගනිමින් රට තුළ ආර්ථික ස්ථාවරත්වයක් නිර්මාණය කිරීමට මේ වන විට රජයට හැකි වී තිබෙන බවත් පසුගිය ආපදා තත්ත්වට මුහුණ දීමේදීද එය ශක්තියක් වූ බවත් සඳහන් කළේය.
ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ 2025 වසරේ කාර්යසාධනය සහ ප්‍රගතිය, 2026 වසරට අදාළ නව සැලසුම් පිළිබඳවද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර, ඒ පිළිබඳ නව අදහස් සහ යෝජනාද ඉදිරිපත් කෙරිණි.
රේගු දෙපාර්තමේන්තුව 2026 වසරට පිවිසෙන්නේ ආදායම් ඉලක්ක අභිබවමින් රුපියල් බිලියන 300ක පමණ අතිරික්තයක්ද සමඟයි