මේ දිනවල දිවයින්ට අද හෙලන අධික වර්ෂාපතනය හේතුවෙන් මහවැලි ගඟේ ජල මට්ටම වේගයන් ඉහළ යෑම නිසා රන්දෙනගල, කොත්මලා ඔය ජලාශවල වාන් දොරටු විවෘත කිරීමත් සමඟ ගම්පල මහනුවර ගැටඹේ සහ ඒ ආශ්‍රිත ප්‍රදේශවල ජල මට්ටම ෙන් ඉහළ යෑම හේතුවෙන් මේ වන විටත් මහනුවර ගැටඹේ පේරාදෙණිය සහ ගම්පොළ නගර ජලයෙන් යට වී තිබේ.
ද්විත්වා සුළි කුණාටුව සමග දිවයිනට ඇදහැලුණු මෙම ධාරානිපාතික වර්ෂාව හේතුවෙන් මෙතෙක් ලංකා ඉතිහාසයේ වාර්තා වූ වැඩිම වර්ෂාපතනය මිලිමීටර් 540 ඉක්මවා ගොස් ඇති අතර දිවයිනේ මේ වන විට වැඩිම වර්ෂාපතනයක් වාර්තා වී ඇත්තේ මාතලේ ප්‍රදේශයෙන් බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මිලිමීටර පන්සියයට අධික ප්‍රමාණයේ අධික වර්ෂාපතනයක් දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් වාර්තා වී තිබේ. උතුරු මැද ින් පළාතේ ජලාශ සියල්ල ඉතිරී හේතුකොට ගෙන ප්‍රධාන ජලාශවල වාන් දොරටු විවෘත කර තිබේ. මේ තත්ත්වය හේතුකොට ගෙන බොහෝ ප්‍රදේශවල මාර්ග ගමනාගමනයට අවහිරතා සිදුවී තිබේ. පවතින කාලගුණික තත්ත්වය තව දින තුනකට ආසන්න ප්‍රමාණයක් ශ්‍රී ලංකාව ආශ්‍රිතව සිදුවිය හැකි බැවින් මෙම වැසි සහිත සහ අධික සුළං කාලගුණික තත්ත්වයන් යටතේ මහජනතාවට ආරක්ෂාකාරී ලෙස කටයුතු කරන ලෙස රජය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.