ගම්පහ, කොළඹ, කළුතර, රත්නපුර යන දිස්ත්‍රික් නියෝජනය කරන විශ්ව පෙරපාසල් ගුරු සංගමයේ සාමාජිකාවන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී හමුවූවා…..

නොවැම්බර් 24 වැනිදා ගම්පහ, කොළඹ, කළුතර, රත්නපුර යන දිස්ත්‍රික් නියෝජනය කරන විශ්ව පෙරපාසල් ගුරු සංගමයේ සාමාජිකාවන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී හමුවූවා

මුල් ළමාවිය අධ්‍යාපනය පිළිබඳ ජාතික විෂයමාලා රාමුවට අනුකූළව පුහුණුකරුවන් පුහුණු කිරීම, පෙර පාසල් ගුරු පුහුණුව ලබා දීම, පෙරපාසල් ගුරුවරුන්ට දීමනා සහ දායකත්ව විශ්‍රාම වැටුපක් ලබා දීම, පෙර පාසල් නියාමනය කිරීම සහ රජයේ ලියාපදිංචි පෙර පාසල් හරහා දරුවන්ට විධිමත් මුල් ළමාවිය අධ්‍යාපනයක් ලබා දීම හා මුල් ළමාවිය සංවර්ධන නිලධාරීන් හරහා රජය සහ පෙරපාසල් අතර විධිමත් සම්බන්ධිකරණයක් සිදු කිරීම ඇතුළු කරුණු පිළිබඳ මෙහිදී සාකච්ඡා කළා.