අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව රජය ස්ථාවර ප්‍රතිපත්තියක සිටින බව අවධාරණය කරයි….

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව ස්ථාවර ප්‍රතිපත්තික සිට කටයුතු කරන බවත් පසුගියදා හයවෙන ශ්‍රේණියේ මොඩියුලර් පිළිබඳව ඇතිවී ප්‍රශ්නය සම්බන්ධව මේන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවක් ඒ පිළිබඳව රජයක් ලෙස සාමූහික වගකීමෙන් කටයුතු කරන බවත් විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය විජිත හේරත් මහතා අද (4) පස්වරුවේදී රජයේ ප්‍රවෘත්ති ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති. විශේෂ. ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අවධාරණය කරනු ලැබීය.

අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන අමාත්‍ය හරිනී අමරසූරිය. මෙනවියගෙ. ප්‍රධානත්වයෙන් පැවති මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව සඳහා රජය නියෝජනය කරමින් ිදේශ අමාත්‍ය යා විජිත හේරත්, ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහත්වරු සහභාගි වී තිබේ.

හය වසර ඉංග්‍රීසි මොඩියුලිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කළුවැව මහතා විසින් මේ වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් සිදුකර ඇති අතර එම පැමිණිල්ල අනුව එම කටයුත්තේ තාක්ෂණික ගැටලු සහ ඒ සම්බන්ධයෙන් යම් පාර්ශ්වයක් සිතා මතා හෝ එම කාර්ය සිදුකර ඇද්ද යන්න පිළිබඳව විමර්ශනය වනු ඇතැයි ඇය අවධාරණය කළාය.