සුරතල් සතුන් අතහැර දැමීම නැවැත්වීමට සුනඛයින්ට මයික්‍රො චිප් බද්ධ කිරීම අනිවාර්ය කළ නගරයක්

ජලභීතිකා එන්නත නිරීක්ෂණය කිරීමට සහ උපත් පාලන ප්‍රතිකාර කිරීම සඳහා දකුණු ඉන්දියාවේ චෙන්නායි නගරයේ සිවිල් පාලන අධිකාරිය, අයාලේ යන සුනඛයින්ට මයික්‍රො චිප් බද්ධ කිරීම ආරම්භ කර තිබේ. බලධාරීන් පවසන්නේ, මිනිසුන් සිය නිවෙස්වල සිටින සුරතලයට ඇති කරන සුනඛයින් අතහැර දැමීම වැළැක්වීම සඳහා මාස කිහිපයක් තුළ මෙම පියවර එම සුරතල් සුනඛයින් සඳහා ද ක්‍රියාත්මක කරන බව ය. […]