IPL ක්‍රීඩක වෙන්දේසියේදී ප්‍රතික්ෂේප වූ පන්දු යවන්නා වැඩි ම කඩුලු ලාභියා බවට පත්වූ හැටි

තරග හතකට පසු, ෂාදුල් තකූර් 2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ වැඩි ම කඩුලු ලාභියා බවට පත්ව සිටී – එය ඔහුට සහභාගි වීමට අවස්ථාව අහිමිව තිබූ එකක් වීම විශේෂත්වයකි.

පුදුමයට කරුණක් නම්, ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක ෂාදුල් තකූර් පසුගිය වසරේ පැවති මෙවර තරගාවලියට අදාළ වෙන්දේසියේදී අලෙවි නොවූ අතර, එහෙයින් ලබන සතියේ පැවැත්වෙන එංගලන්ත ප්‍රාන්ත ශූරතාවලියේදී එසෙක්ස් කණ්ඩායම වෙනුවෙන් තරග කිරීමට නියමිතව සිටියේ ය.

එසෙක්ස් ක්‍රීඩකයින් ප්‍රාන්ත ශූරතාවලියට සූදානම් වෙමින් සිටියදී, මොෂින් ඛාන් ආබාධයකට ලක් වීමෙන් පසුව, ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමෙන් ෂාදුල්ට ඇමතුමක් ලැබිණි.

ඔහු ලක්නව්හිදී දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට එරෙහිව පැවති පළමු තරගයේදී කඩුලු 2ක් ද, ඊයේ සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමට එරෙහිව කඩුලු 4ක් ද දවා ගත්තේ ය. එහිදී ඔහු දවා ගත් පිතිකරුවන් අතර අභිෂේක් ෂර්මා සහ ඉෂාන් කිෂාන්ගේ ප්‍රබල කඩුලු ද ඇතුළත් විය.

“මේ වගේ දේවල් ක්‍රිකට් ක්‍රීඩාවේ සිද්ධ වෙනවා,” ෂාදුල් තකූර් පැවසීය.

“කණ්ඩායම් කීපයකින් කතා කළා. ලක්නව් කණ්ඩායම මුලින් ම මට කතා කරපු නිසා මම ඔවුන්ට ප්‍රමුඛතාව දුන්නා.”

“සහීර් ඛාන් මට දුරකතනයෙන් කතා කළා. දක්ෂතා කෙතරම් තිබුණත් ඒවා පෙන්වන්න අවස්ථාවක් එනකම් ඉන්න වෙනවා.”