2025 ලෝක ධීවර දිනය නිමිත්තෙන් අද කොළඹ පැවැති කුඩා පරිමාණ ධීවර කටයුතු සඳහා වූ ජාතික ක්‍රියාකාරී සැලැස්ම සංවර්ධනය කිරීම පිළිබඳ ජාත්‍යන්තර වැඩමුළුවේ සමාරම්භක උත්සවයට මම සහභාගී වූයෙමි. එය සංවිධානය කරනු ලැබුවේ ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය විසින් එක්සත් ජාතීන්ගේ බෙංගාල බොක්ක වැඩසටහන, අන්තර් රාජ්‍ය සංවිධානය සහ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව හා එක්වයි.
අද පැවැති ප්‍ජාත්‍යන්තර වැඩමුළුවේ සමාරම්භක උත්සවය සඳහා ඉන්දියාව, බංග්ලාදේශය, මාලදිවයින සහ FAO නියෝජනයන් ද සහභාගී වී සිටියහ.
උත්සවය අමතමින්, කුඩා පරිමාණ ධීවර කටයුතු සඳහා වූ ජාතික ක්‍රියාකාරී සැලැස්ම තිරසාර සංවර්ධනය සඳහා ශ්‍රී ලංකාවේ නායකත්වය සංකේතවත් කරන ආකාරය පිළිබඳ මම පෙන්වා දුන්නෙමි. තවද, ජාතික ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීම ආරම්භ කළ දකුණු ආසියාවේ පළමු රට ශ්‍රී ලංකාව බව ද පෙන්වා දුනිමි.