පවතින ආපදා තත්ත්වය පිළිබඳව පාර්ලිමේන්තු විවාදය ලබන බදාදා දක්වා කල් යයි……

පවතින අයහපත් කාලගුණ තත්ත්වය පිළිබඳව අද දින (1) පාර්ලිමේන්තුව රැසි විවාද පැවැත්වීමට නියමිතව තිබූ නමුත් එය දෙසැම්බර් තුන්වනදා දක්වා කල්තබන බව කතානායක නිවේදනය කරයි.

කැලණි ගඟ පිටාර ගැලීමෙන් වැල්ලම්පිටිය ප්‍රදේශයේ ජලයෙන් යටවෙයි … නිවාස සහ දේපළ රැසකට හානි….

කැලණි ගඟ පිටාර ගැලීමෙන් වැල්ලම්පිටිය ප්‍රදේශයෙන් නිවාස සහ දේපොළ රැසකට හානි වී සිදුවී ඇති බව අපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. පවතින අවදානම්කාරී තත්ත්වය යටතේ ජනතාව මුදාගැනීම සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ජනතාවට ලබාදීම සඳහා සහන සේවා ක්‍රියාත්මක කර ඇති අතර ගුවනින් ජනතාව මුදා ගැනීමේ මෙහෙයුම් කටයුතු ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඉන්දීය ගුවන් හමුදාව සහ පාකිස්ථානෝ ගුවන් හමුදාව […]

පැවති අයහපත් කාලගුණික තත්ත්වය යටතේ පුද්ගලයන් 366 මරණයට පත්වී තවත් තුන්සිය අනූවක් අතුරුදහන් වී ඇතැයි වාර්තාවේ….

මියගිය සහ අතුරුදහන් පුද්ගලයන් සොයා තවදුරටත් මෙහෙයුම්…. පසුගියදා දිවයිනට ඇදහැලුණු දිත්වා සුළි කුණාටුව සහ ජලගැලීම් හේතුවෙන් මේ වන විට පුද්ගලයන් තුන්සිය හැට හය දෙනකු මරණයට පත්වී තවත් තුන්සිය අනූවක් පමණ අතුරුදහන් වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. මේ අනුව දිවයිනේ විවිධ ප්‍රදේශවල පස් කඳු කඩා වැටීමෙන් නාය යෑමෙන් සිදුවූ අනතුරු විපත්වලින් අතුරුදහන් වූ සහ මියගිය […]