හදිසි ආපදා තත්ත්වය යටතේ මියගිය සංඛ්‍යාව තුන්සිය තිස් හතර දක්වා වැඩිවෙයි… පුද්ගලයන් 370 ක් අතුරුදහන්..

පවතින ආපදාකාරී තත්ත්වය හමුවේ දිවයිනේ මේ වන විට පස් කඳු නායෑම් සහ ජලගැලීම් හේතුවෙන් පුද්ගලයන් 334 ක් මියගොස් පුද්ගලයන් තුන්සිය හැත්තෑවක් අතුරුදහන්ව ඇතැයි ආපදා කළමනාකරන මධ්‍යස්ථානය වාර්තා කරයි.. මේ අනුව කැලණි මිටියාවත ප්‍රදේශවල ජීවත්වෙන ජනතාවන්ට අනතුරු ඇඟවීමේ ලබාදී තිබූ කාලය තව පැය 48ක් දක්වා දීර්ඝකර ගඟ දෙපස ජීවත්වෙන ජනතාවට හැකිතාත් තා ගංවතුර තර්ජනයෙන් ආරක්ෂා වීම […]

හදිසි ආපදා තත්ත්වයෙන් විපතට පත් ජනතාව ලක්ෂ 11 දක්වා වැඩිවෙයි…..

පසුගිය සතියේ දිවයිනට ඇද හැලෙනු ධාරානිපාතික වර්ෂාව සහ දිත්වා සුළි කුණාටු තත්ත්වයෙන් ආපදාවට ලක් වූ ජනතාව ලක්ෂ එකොළහ දක්වා වැඩිවී ඇති බව සඳහන් කරන ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජලගැලීම් දේපල හානි ජීවිත හානි හා වෙනත් තට පත් ජනතාව සෑම දිස්ත්‍රික්කයෙන්ම වාර්තා වී ඇති අතර වැඩිම ආපදා තත්ත්වයක් වාර්තා වී ඇත්තේ මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයෙන් වන අතර […]

ලුණුවිල,වෙන්නප්පුවේ දී හෙලිකොප්ටර් අනතුරුක්…..

හදිසි අපදා තත්ත්වයන් යටතේ විපතටපත් ජනතාව බේරා ගැනීමේ මෙහෙයුම් කටයුතු වල යෙදී සිටි හෙලිකොප්ටර් යානක් ලුණුවිල ප්‍රදේශයේ දී අනතුරට ලක් වී තිබේ. මෙම ගුවන් හ‍මුදා හෙලිකොප්ටර් යානයේ ගමන් කර ඇත්තේ ගුවන් හමුදා භට පිරිසක් බව ආරක්ෂ අංශ පවසයි….මේ වන විට අදාල භට පිරිසක් බේරා ගෙන රෝහල් ගත කර තිබේ.

මාවිල් ආරු සොරොව්ව කැඩී යාමෙන් ප්‍රදේශයේ ගංවතුර තර්ජනයක් …සිර වී සිටී 200 ආසන්න පිරිසක් ගුවන් හමුදාව නිරුපද්‍රිතව බේරා ගැනේ…..

සේරුවිල, මාවිල් ආරු වේලල ස්ථාන 13 ක් කඩාවැටීම හේතුවෙන් සේරුවිල හා ඉන් අවට ප්‍රදේශයේ ජනතාවට ගංවතුර තර්ජනයක් ඇති වී තිබේ. මේ අපද්‍රා තත්ත්වයෙන් මේ වන විට පුද්ගලයින් 200 අධික පිරිසක් අනතුරෙන් ගලවා ගැනීමට ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානාවලට හැකි වු බව අපද්‍රා කළමනාකරණය මධ්‍යස්ථානය පවසයි .

අපදා තත්ත්වයෙන් කඩුවෙල මුළු නගරයම ජලයෙන් යටවෙයි….

පවතින අයහපත් කාළගුණ තත්ත්වයෙන් කඩුවෙල මුළු නගරයම ජලයෙන් යටවෙයි..විපතට පත් ජනතාව වෙනුවෙන් සහන සේවා ක්‍රියාත්මයි. මේ වන විට සහන සේවා සදහා ජනතාව ක්‍රියාත්මක වි ඇති අතර පිසු ආහාර හා වෙනත් අවශ්‍යතා සදහා මේ වන විට සහන සේවා කණ්ඩායම් කටයුතු කරනු ලබයි..

ආපදාවට ලක් වූ පුද්ගලයන්ගේ සහන කටයුතු සොයා බැලීමට අගමැතිනියයි…

ආපදාවට ලක්වී තිබෙන කොළොන්නව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ආරක්ෂිත ස්ථානවල රඳවා සිටින ජනතාවගේ සුව දුක් විමසීම සඳහා අග්‍රාමාත්‍ය හරිනිය අමරසූරිය මෙනවිය එම මධ්‍යස්ථාන ගණනාවකට ගොස් ජනතාව සමග තොරතුරු හුවමාරු කරගත්තාය.

අයහපත් කාලගුණයෙන් බිඳ වැටී තිබෙන ජල සැපයුම දින තුනක් ඇතුළත යථාවත් කරනවා….

අයහපත් කාලගුණයෙන් බිඳ වැටී තිබෙන ජල සැපයුම දින තුනක් ඇතුළත යථාවත් කරනවා – ජාතික ජලසම්පාදන සහ ජලාපවහන මණ්ඩලයේ සභාපති ඉංජිනේරු ඒ. එම්. පී. සී. ටී. බණ්ඩාර දිවයිනට බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක ගණනාවක බිඳවැටී තිබෙන ජල සැපයුම දින තුනක් ඇතුළත යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබෙන බව ජාතික ජලසම්පාදන සහ ජලාපවහන මණ්ඩලයේ සභාපති […]

රම්බොඩ ප්‍රදේශයේ ආපදාවට ලක් වූ 24 දෙනෙකු ඉන්දිය ගුවන් හමුදාව විසින් මුදවා ගණිති

පවතින ආපදාකාරී තත්ත්වය යටතේ රම්බඩ ප්‍රදේශයේ ජල අපදාවට ලක් වූ විසි හතර දෙනකු ඉන්දියන් ගුවන් හමුදා හෙලිකොප්ටර යානකින් මුදවාගෙන කොළඹට ගෙන එනු ලැබූ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. මෙසේ මුදවා ගත් පිරිස අතර ජර්මනිය ඉන්දියාව දකුණු අප්‍රිකාව එක්සත් රාජධානිය , වැනි රටවල්වල සංචාරකයන්ද සිටී බව පවසන විදේශ කටයුතු අමාත්‍යංශය ඔවුන්ගේ සුව දුක් බැලීම සඳහා විදේශ […]

ආපදාකාරී තත්වයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ දෙලක්ෂයකට ආපදා බලපෑම්

ද්විත්වා සුළි කුණාටුව සමග ඇති වූ ධාරානිපාතික වර්ෂාව හේතුවෙන් කැලණි ගඟ ආශ්‍රිතව ජලගැලම් හා කොළඹ දිස්ත්‍රික්කය සෙසු ප්‍රදේශවල ඇතිවූ ජලගැලීම් හේතුකොට ගෙන ග්‍රාම සේවා වසම් 382කට ආසන්න පවුල් හැට දහසකට ආසන්න යේ පුද්ගලයන් දෙලක්ෂ පහළොස් දහසක් පමණ ආපදා තත්ත්වයන්ට ගොදුරු වී ඇති බව කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවසයි. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ පමණක් ආපදා ආරක්ෂිත […]