වෙනිසියුලාව. සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හදිසි රැස්වීමක් හෙට……

ඇමරිකාව විසින් අත්අඩංගුවට ගනු ලැබූ නිකලෝස් මදුරෝ ජනාධිපතිවරයාගේ සිද්ධියෙන් පසු එම රටට ඇතිවිය හැකි තත්ත්වයන් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් අන්තෝනියෝ ගුටරසස් විසින් ඊට හදිසි රැස්වීමක් කැඳවා ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව ඇතිවී තිබෙන තත්ත්වය සැලකිල්ලට ගෙන එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වෙනිසියුලාව අන්තර්වාර පාලනයේ භාරකත්වය ඇයට භාරගන්නා ලෙස එලට ක්ෂේත්‍රාධිකරණය දැනුම් දී ඇතැයි ද විදේශීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.