වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ඝාතනය කෙරේ

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ඝාතනය කෙරේ.
වැලිගම ප්‍රාදේශීය සභාවේ සමගි ජන බලවේගයේ ප්‍රාදේශී සභා සභාපති වික්‍රමසේකර මහතා අද (2025-10-22) පෙරවරුවේ වැලිගම ප්‍රාදේශීය සභාවය සභාපති නිල කාමරයේදී තුවක්කුකරුවෙකු විසින් එල්ල කරන ලද වෙඩි පහරකින් ඝාතනයට ලක්වී තිබේ.
ප්‍රාදේශීය සභාපතිවරයා මහජන දිනය යෙදී ඇති අද දින සුපුරුදු පරිදි මහජනතාවගේ ගැටලු වලට විසඳුම් ලබාදීම සඳහා හජන හමුවකට සහභාගි වෙමින් සිටියදී මෙම වෙඩි ප්‍රහාරණ ලක්වී ඇති බව වැලිගම පොලිසිය සඳහන් කරයි.
ප්‍රාදේශීය සභාපතිවරයාගේ ඝාතනය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී ද විපක්‍ෂය විසින් මහජන නියෝජිතයින්ගේ ආරක්‍ෂාව පිළිබඳව දැඩි අවධානමක් පවතින එබැවින් මහජන නියෝජිතයන්ගේ ආරක්‍ෂාව තර කරන ලෙස ආණ්ඩු පක්ෂයෙන් ඉල්ලා තිබේ.. මෙම ඝාතනයට පෙර ැලිගම ප්‍රාදේශීය සභාපතිවරයාට තිබූ ඇතැම් තර්ජන පිළිබඳව ඔහු විසින් පසුගිය දා පොලිස්පතිවරයාද දැනුවත් කර ඇති බව මාධ්‍ය වාර්තා කරයි.