මහජනතාවගේ සෞඛ්‍ය දැනුම ප්‍රවර්ධනය සඳහා දායක වූ මාධ්‍යවේදීන්ගේ මෙහෙවර ඇගයීමට ලක්වේ…
මෙරට ජනතාවගේ සෞඛ්‍ය දැනුම ප්‍රවර්ධනය උදෙසා සහ සෞඛ්‍ය තොරතුරු ප්‍රචාරණය සඳහා කටයුතු කළ මාධ්‍යවේදීන්ගේ මෙහෙවර ඇගයීම වෙනුවෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සංවිධානය කළ සෞඛ්‍ය අඬහැරය – 2025 සෞඛ්‍ය සන්නිවේදකයන් ඇගයීමේ උත්සවය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (29) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ දී පැවැත්විණි.