පොලිස් අණ නොතකා ධාවනය කළ වෑන් රථයකට රත්මලානෙදි වෙඩි පහර….
පිළියන්දල සූරාපල ප්‍රදේශයේදී පොලිස් අණ නොතකා ධාවනය කළ වෑන් රථයක් මාර්ගයේ ධාවනය කළ රථවාහන පහළොවකට අලහභානි කරමින් නොනවත්තා ධාවනය කළා එ එම වෑන් රථය රත්මලාන ගොළුමඩම හන්දියේදී වාහනේ ටෑරවලට වෙඩි තබා රියදුරා අත්අඩංගුවට ගත් බව පොලිස් මූනස්ථානය පවසයි. සංචාරක ව්‍යාපාරයට සම්බන්ධව කුලී රථ ධාවකයෙකු වන මෙම රියදුරා මැදිරිගිරිය ප්‍රදේශයේ අපරාධ කිහිපයකට සම්බන්ධ පුද්ගලයකු බවද පොලිසිය මේ වන විට ආවරණය කරගෙන ඇති අතර මෙම රියදුරා සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ පොලිස් මූනලස්ථාන විසින් සිදු කරයි. සම්බන්ධ මෙම රියදුරු මත්පැන් සහ මත්ද්‍රව්‍ය පානය කර ඇති බවට සැක කරන පොලිසිය මේ පුද්ගලයා සම්බන්ධව වැඩිදුර විමර්ශන කටයුතු සිදුකෙරේ.