පැවති අයහපත් කාලගුණික තත්ත්වය යටතේ පුද්ගලයන් 366 මරණයට පත්වී තවත් තුන්සිය අනූවක් අතුරුදහන් වී ඇතැයි වාර්තාවේ….

මියගිය සහ අතුරුදහන් පුද්ගලයන් සොයා තවදුරටත් මෙහෙයුම්….

පසුගියදා දිවයිනට ඇදහැලුණු දිත්වා සුළි කුණාටුව සහ ජලගැලීම් හේතුවෙන් මේ වන විට පුද්ගලයන් තුන්සිය හැට හය දෙනකු මරණයට පත්වී තවත් තුන්සිය අනූවක් පමණ අතුරුදහන් වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මේ අනුව දිවයිනේ විවිධ ප්‍රදේශවල පස් කඳු කඩා වැටීමෙන් නාය යෑමෙන් සිදුවූ අනතුරු විපත්වලින් අතුරුදහන් වූ සහ මියගිය අය සොයා ආරක්ෂක අංශ දිගටම මෙහෙයුම් සිදුකරන බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.