පහළ කඩුගන්නාවේ ාලාවක් සහිත නිවසක් මතටය පස් කන්දක් කඩා වැටීමෙන් හතර දෙනකු වූ ජීවිතක්ෂයට පත්වී පස් දෙනෙක් තුවාල ලබා ඇතැයි කඩුගන්නාව පොලිසිය පවසයි
මේ දිනවල දිවයිනේ නොයෙකුත් ප්‍රදේශවලට ඇදහැලෙන ධාරානිපාතික වර්ෂාව හමුවේ නුවර දිස්ත්‍රික්කයේ කඩුගන්නාව ප්‍රදේශයේ පහළ කඩුගන්නාවේ පිහිටි ආපනශාලාවක් සහ නිවසක් මතට ගල් සහ පස් කඳු කඩා වැටීමෙන් ආපනශාලාවේ හතර දෙනකු වූ මරුමුවට පත්වී පස් දෙනෙක් තුවාල ලබා ඇති බව ප්‍රදේශවාසීන් පවසයි
මෙම පස් කන්ද කඩා වැටීමෙන් සිදුවූ අනතුර සම්බන්ධව ප්‍රදේශවාසීන් ඇතුළු පොලිසියෙන්ම අනතුරට පත් පුද්ගලයන් බේරා ගැනීමේ මෙහෙයුම් කටයුතු ආරම්භ කර ඇති අතරින් පස් මත සිරවී සිටි පුද්ගලයන් කීප දෙනෙකු ඒ අනුව බේරාගෙන ඇතැයි කඩුගන්නාව පොලිසිය සඳහන් කරයි
මෙම සිද්ධිය සම්බන්ධව කාශය කරන ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මෙම පහළ කඩුගන්නාව ආශ්‍රිත ප්‍රදේශය නාය යෑමේ අවධානමක් පවතින බව පුරුදු දැනුම් දීම් සිදු කර ඇති බවත් ඉදිරියේදී ද මෙම ප්‍රදේශයේ මෙවැනි පස් කඳු සහ ගල් කඩා වැටීම් ඇතිවිය හැකි බවට අනතුරු අඟවා තිබේ.