ද සොයිසා කාන්තා රෝහලේ මව්වරුන් වෙනුවෙන් සුරක්ෂිත තත්ත්වයෙන් උසස් සෞඛ්‍ය සේවාවක් ලබාදීමේ අරමුණින් ඉදිකරන ලද මාතෘ අධි සත්කාර ඒකකය (Maternal High Dependency Unit) සහ මහල් 04 කින් යුත් වාට්ටු සංකීර්ණ ගොඩනැගිල්ල විවෘත කිරීම අද (16) පස්වරුවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
විවෘත කිරීමෙන් අනතුරුව මාතෘ අධි සත්කාර ඒකකය සහ වාට්ටු සංකීර්ණය අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ද ලක් විය.
ද සොයිසා කාන්තා රෝහලේ මාතෘ අධි සත්කාර ඒකකය ස්ථාපිත කිරීම සඳහා රුපියල් මිලියන 249 ක් වැය කර ඇත. මේ වන විට පළමු අදියර වශයෙන් මුළු ව්‍යුහය සකස් කර බිම් මහල සහ පළමු මහල ඉදි කිරීමට කටයුතු කර ඇත.
මහල් 04 කින් යුත් මෙම ගොඩනැල්ල මේ වන විට බිමි මහල HDU (ඇදන් 10) වශයෙන් ද පළමු මහල පූර්ව හා පසු ප්‍රසව වාට්ටුව (ඇදන් 24) ලෙසින් ද ඉදිකිරීම් කටයුතු නිම කර ඇත.