..ඉන්දියාවේ ගුජරාට පාන්ත්‍රයේදී 1960 වර්ෂයේ පුරාවිද්‍යා කැණීම්වලින් හමු වූ බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතූන් වහන්සේලා යයි සැලකෙන දෙවුනි මෝරි සර්වඥ ධාතූන් ප්‍රදර්ශනය පසුගිය පෙබරවාරි හතරවෙනි දින සිට 11 වැනි දින දක්වා කුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී සිදුකළ අතර එය හෙට පෙරවරු හයෙන් පසු මහජන ප්‍රදර්ශනයෙන් අවසන් කෙරෙන බව කුණුපිටිය ගංගාරාම විහාරාධිපති පූජ්‍ය කිරින්දේ අස්සජි හිමියන් ට පැවසූහ.
ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍රයේ මෝදී මහතා වෙත කරන ලද ඉල්ලීමකට අනුව ඉන්දියානු ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාලය හා ඉන්දියාවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඇතුළු ගුජරාට ප්‍රාන්තයේ රාජ්‍ය නිලධාරීන් නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් සිදු කරන මෙම සර්වඥ ධාතු වන්දනාව සඳහා ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවලින් බැතිමතුන් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් පසුගිය හතරවෙනිදා සිට මේ දක්වා සර්වඥ ධාතූන් වහන්සේ වන්දනාමාන කරගෙන ඇතැයි ගංගාරාම විහාරස්ථානයේ පවසයි.