චීනයේ ගොන්වු ප්‍රාන්තයේ පිහිටි යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කර ඇති (Red Leaf ) Mountain කන්ද තරනය කිරීමේ සංස්කෘති උළෙල නියෝජනය කිරීමට ශ්‍රී ලංකාවේ විශේෂ දුත පිරිසක් ඊයේ( 10) චීනයේ ගොන් වූ ප්‍රාන්තට පැමිණ ඇතැයි ගොන්වු සංස්කෘතිය සංවිධානය පවසයි.
ශ්‍රී ලාංකීය දුත පිරිස ඊයේ (10) ගොන්වු ප්‍රාන්තයේ Bazhobg නගරයේ සංස්කෘතික සංගමයේ සභාපති ඇතුළු චීන නිලධාරීන් පිරිසක් විසින් පිළිගත් අතර ලංකික දුත පිරිස වෙනුවෙන් විශේෂ භෝජන සංග්‍රහක් ද පැපැවැත්වුණි.
දෙරට අතර සංස්කෘතිය මිත්‍රත්වය වර්ධනය කිරීමේ අරමුණින් සංස්කෘතිය ප්‍රවර්ධන අවබෝධ ගිවිසුමටකට ද මෙහි දී අත්සන් කෙරිණි.
මෙම විශේෂ අවස්ථාව නියෝජ්‍ය කිරීම සදහා ශ්‍රී ලංකාව වෙනුවෙන් බුබුද්ධශාසන සංස්කෘති හා ආගමික කටයුතු අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍ය පුද්ගකික ලේකම් නිමල් රත්නායක, චීන ශ්‍රී ලංකා සංස්කෘතික,සංචාරක, වෙළෙඳ හා ආයෝජන සංගමයේ සභාපති සීලරතන සෙනරත්, එම සංවිධානයයේ ප්‍රධාන විධායක බුද්ධික හර්ෂ දේව,දෙරණ රූපවාහිනී ආයාතනයේ ප්‍රවෘත්ති අංශයේ ප්‍රධානී, චමින්ද සාරංග,ජාතික මාධ්‍ය පදනමේ ප්‍රධාන ඇකඩමික් උපදේශක ආචාර්ය හර්ෂ බී අබේකෝන්, සහ චීන, ශ්‍රී ලංකාව වෙළෙඳ ආයෝජන සංගමයේ ප්‍රධාන විධායක මී ඇතුළු පිරිසක් සහභාගි වුහ.
මෙහිදී අදහස් දැක් වු බුද්ධශාසන නියෝජ්‍ය අමාත්‍ය පුද්ගකික ලේකම් නිමල් රත්නායක මහතා ගොන්වු ප්‍රාන්ත හා ශ්‍රී ලංකාවේ වයඹ පළපළාතේ කුරුණෑගල නගරය හා චීනයේ ගොන් වු ප්‍රාන්තයේ Bazhong නගරය අතර සංස්කෘතිය මිත්‍රත්වය වර්ධනය කිරීමේ විශේෂ වැඩ සටහන් අරඅරඹන බවක් ඒ සදහා රජයේ උපරිම සහයෝගය ලබා දෙන බව පැවැසීය.මෙහිදී අදහස් දැක් වු චීන කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන නියෝජිත, Bazhong නගරයේ නියෝජ්‍ය නගරාධිපති සහ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන නියෝජිත, චීනය හා ශ්‍රී ලංකාව අතර සංස්කෘති, වෙළෙඳ හා සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් ශක්තිමත් කිරීමට තම රජයේ උපරිම සහයෝගය ලබා දෙන බව මෙහිදී පැවසීය …