කුවෙට් ගුවන් සේවා යළි් ශ්‍රී ලංකාවවේ ගුවන් ගමන් අරඹයි..
ශ්‍රී ලංකාවට සේවා සපයන පැරණිතම ජාත්‍යන්තර ගුවන් සේවාවන් අතරින් එකක් වන කුවේට් එයාර්වේස් (Kuwait Airways), ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් සමඟ වසර දෙකක සාර්ථක කෝඩ්ෂෙයාර් (codeshare) මෙහෙයුම් වලින් පසුව, කොළඹට සිය සෘජු ගුවන් සේවා මෙහෙයුම් අද නිල වශයෙන් යළි ආරම්භ කරන ලද අතර මෙය ද්විපාර්ශ්වික ගුවන් සේවා සබඳතාවල සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරයි.
1978 ඔක්තෝබර් 15 වන දින ශ්‍රී ලංකාවට සිය සේවා මුලින්ම ආරම්භ කළ කුවේට් රාජ්‍යයේ ජාතික ගුවන් සේවය වන කුවේට් එයාර්වේස්, අදදින සිට සතියකට ගුවන් ගමන් හතරක් යළි ආරම්භ කරයි. ඔවුන් මේ සඳහා සිය නවීනතම Airbus A320neo ගුවන් යානා භාවිතා කරන අතර, එමඟින් මගීන්ට වැඩි දියුණු කළ සුවපහසුවක් සහ බාධාවකින් තොර සම්බන්ධතාවක් ලබා දෙයි.
මෙම සමාරම්භක ගුවන් ගමන පිළිගැනීමේ උත්සවය අද දින (27) බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී (BIA) පැවැත්විණි. ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සේවා (ශ්‍රී ලංකා) (පුද්ගලික) සමාගම විසින් ජල ආචාරයක් (water cannon salute) පිරිනැමූ අතර, ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය විසින් නර්තන අංගයක් සංවිධානය කරන ලදී.