කතෝලික හිමිනමට පහර දුන් පොලිස් නිලධාරීන් තිදෙනෙකු හඳුනාගැනේ…..

මීගමුව ප්‍රදේශයේදී යතුරුපැදියකින් ගමන් කරන අතරතුර කොළඹ දිසාවට අයත් කතෝලික දේවස්ථාන හිමිනමකට පොලිස් නිලධාරීන් හය දෙනකු පහරදීම සම්බන්ධයෙන් මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කොට තිබෙන පොලිස්් නිලධාරීන් හඳුනා ගැනීමේ පරීක්ෂණයට යොමු කිරීමේදී අදාල හිමිනමට පහර දුන් පොලිස් නිලධාරින් තුන්දෙනෙකු අදාල හිමිනම විසින් හඳුනා ඇතැයි පොලිසිය පවසයි.

මෙම සිද්ධිය සම්බන්ධව නීතිය ක්‍රියාත්මක වීමේදී තමන් සෑහීමකට පත්වෙන බව කතෝලික පූජකයන් විසින් මාධ්‍යයට ප්‍රකාශ කර ඇති අතර පොලිස් පරීක්ෂණ අපක්ෂපාතික සිදුවන බවටද ඔවුන් ප්‍රකාශ කර තිබේ.