ආපදාවෙන් පාසල් දහසකට සහ ළමුන් දෙලක්ෂ ,75000කට හානි… පාසල් 640 තවමත් විවෘත කිරීමට ඉඩක් නැහැ…

දිට්වා කුණාටුව සමග ඇදහැලුණු ධාරානිපාතික වර්ෂාව සහ නායම් ඇතුළු ආපදා තත්ත්වයන් යටතේ පාසල් දහසක් සහ පාසල් දරුවන් දෙලක්ෂ 75 ක් පමණ පීඩාවට පත්ව ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය තොරතුරු අනාවරණය කරයි.

පැවති ආපදා තත්ත්වය යටතේ දිවයිනේ පාසල් දරුවන් දෙලක්ෂයකට අධික පිරිසක් පදාවට ලක්වී ඇති අතර මෙ හේතුවෙන් පාසල් 640 ක් තවමත් විවෘත කරගැනීමට නොහැකි තත්ත්වයක් උදාවී තිබේ. සෙසු පාසල් 16 වැනි දින සිට ආරම්භ කිරීමට අමාත්‍යංශයේ තීරණය කර ඇති ින් විපතට පත් පාසල් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා කඩ්ඩම් වැඩපිළිවෙලක් ආරම්භ කර තිබේ.