බූස්ස බන්ධනාගාරයේ පොළොව යට ජංගම දුරකථන රැසක් සොයා ගනියි…

බූස්ස බන්ධනාගාරයේ පොළොව යට ජංගම දුරකථන රැසක් සොයා ගනියි…

බූස්ස බන්ධනාගාරයේ කරන ලද හදිසි සෝදිසි සිදු කිරීමේදී පොළව යට වලදා දමා තිබූ ජංගම දුරකථන රාශියක් සොයා ගැනීමට හැකිවූ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. දීර්ඝ කාලයක සිටි බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන් ජංගම දුරකථන භාවිතයෙන්ම සිදු කරන අපරාධ පිළිබඳ පැමිණිලි ලැබී ඇති අතරින් බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් විටින් විට කරන ලද සෝදිසි කිරීම් වලදී ජංගම දුරකථන සොයාගන්නා නමුත් ඊට නිසි පිළියමක් යෙදීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව සමත් වී නැත.
ඒ අනුව බන්ධනාගාර තුළට ජංගම දුරකථන රැගෙන ඒම පිළිබඳව විධිමත් පර්යේෂණයක් සිදු කිරීම පිළිබඳව අවධානය යොමු කරන බන්ධනාගාර දෙපාර්තමේන්තුව සෝදිසි කිරීම් සහ කලින් සිදුකරමින් එම ජංගම දුරකථන සහ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවද අවධාරණය කරයි