පාසල් සංවර්ධන නිලධාරින් ස්ථිර කරන්නේ ඉල්ලා ජනාධිපති ලේකම්කාරියාලය ඉදිරිපිට මාරාන්තික උපවාසයක්…
උපවාසයට එක් වූ පුද්ගලයෙක් හදිසියේ රෝගාතුර වී රෝහලට ඇතුළත් කෙරේ…
අධ්‍යාපන අමාත්‍යංශය යටතේ පාසල් සංවර්ධන නිලධාරීන් ලෙස බඳවාගෙන පසුව ගුරු සේවයට අන්තර්ගහනය කිරීම සඳහා අවස්ථාව ලබා දෙන ලෙස ඉල්ලා පාසල් සංවර්ධනය නිලධාරින් විසින් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ආරම්භ කර ඇති මාරාන්තික උපවාසය තවදුරටත් අඛණ්ඩව පවත්වාගෙන යෑමට තීරණය කර ඇති අතර මේ වන විට ජනාධිපති මහජන සම්බන්ධතා අධ්‍යක්ෂකවරයා සමඟ සාකච්ඡා පවත්වා ගැටලුව නිරාකරණය කර ගැනීමට කටයුතු කර ඇතත් එහි මූලික වශයෙන්ම සාකච්ඡා අසාර්ථකවී ඇති බව පවසන එම උපවාසකරුවන්ට තමා පත්තින් දෙනතුරු උපවාසයත් නොහැරෙන බව අවධාරණය කරයි.