පාසල් කාල පරිච්ඡේදය පැය භාගයකින් වැඩි කිරීම සම්බන්ධව ගුරු සංගම් අතරින් පරස්පරතාවයක්…

පාසල් කාල පරිච්ඡේදය පැය භාගයකින් වැඩි කිරීම සම්බන්ධව ගුරු සංගම් අතරින් පරස්පරතාවයක්…

අධ්‍යාපන අමාත්‍යංශය විසින් හඳුන්වා දීමට නියමිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණය යටතේ ගුණාත්මක ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියක් සාර්ථකව පවත්වාගෙන යෑම සඳහා ප්‍රතිපත්තිමය තීන්දුවක් මත සිදුකිරීමට නියමිත ුණාත්මක අධ්‍යාපන වෙනස්කම් යටතේ පාසල් පැවැත්වෙන කාල පරිච්ඡේදය ස පැය භාගයකින් දීර්ඝ කිරීම පිළිබඳව අධ්‍යාපන අමාත්‍ාංශයේ අවධානය යොමු වීමටත් ඒ පිළිබඳව ගුරු සංගම් සහ විදුහල්පති සංගම්වලින් පරස්පරය අදහස් මතුවී ඇති බව වාර්තා වෙයි.අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ ගුණාත්මක වෙනස්කම් සිදුකරමින් එහි ඵලදායීතාවය වර්ධනය කිරීම සඳහා රජය ගෙනයන වැඩපිළිවෙළ ඇතැම් ගුරු සංගම් විවේචන එල්ල කර ඇතත් පොදු යහපත වෙනුවෙන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණය වර්තමානයේ සිදුකිරීම පේක්ෂාව බව අධ්‍යාපන උසස් අධ්‍යාපන අමාත්‍ය සහ අග්‍රාමාත්‍යය හරිනි අමරසූරිය මෙනවිය අවධාරණය කරයි.